ටික් ටොක් වීඩියෝවක් නිසා 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කළ සංවේදී පුවත..

Sri Lanka Murder case Grandpass Tik tok video
By Aruna Jan 04, 2022 01:51 AM GMT
Aruna

Aruna

Report

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත ග්‍රෑන්ඩ්පාස්හිදී 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

සඳුදා (3) පස්වරුවේ මාදම්පිටිය පටුමගේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු රන්දිය උයන නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් කිසියම් පිරිසක් අතර ඇතිවූ මතගැටුම දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාට පිහියෙන් ඇන ඇති අතර සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now