ටික්ටෝක් තහනම් කරයි..!

Report

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් නේපාල රජය විසින් එය තහනම් කිරීමට තීරණය කර තිබේ.

ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරන්නේ, චීන සමාගමක් විසිනි.

නේපාලය පසුගියදා සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් ක්‍රියාත්මක කළේය.

ටික්ටෝක් සමාජ මාධ්‍ය ජාලය බිලියනයක් පමණ පිරිසක් මාසයකට පරිහරණය කරයි.

Gagana

මේ වනවිට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටෝක් තහනම් කර ඇත.එසේම අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තය මෙන්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළද ටික්ටෝක් තහනම් ය.

නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ශර්මා පැවසුවේ ටික්ටෝක් ඔස්සේ වෛරීය දේ සමාජගත වන බවයි.