සම්පත් මනම්පේරීට දැඩි ආරක්ෂාව මැද ප්‍රශ්න කිරීම අරඹයි - රහස් ටික වමාරයිද?
මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ අයිස් (ක්‍රිස්ටල් මෙත්අම්ෆෙටමින්) මත්ද්‍රව්‍ය තොගයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන සම්පත් මනම්පේරි, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව ඇත.
සැකකරු ඊයේ (17) පස්වරුවේ අධිකරණයට භාර වූ අතර, වලස්මුල්ල මහේස්ත්‍රාත් කෝකු හැන්නදිගේ නවෝදා මහත්මිය විසින් මෙම රැඳවුම් නියෝගය ලබා දී ඇත.
මෙම විමර්ශනයට පාදක වූ සුදු පැහැති රසායනික ද්‍රව්‍ය තොගය, බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැප්තැම්බර් 05 වන දින මිද්දෙණිය, තෝරකොළයායේ ඉඩමක වළලා තිබියදී සොයා ගන්නා ලදී.

පුලුවන්නම් බස්සලා පෙන්නන්න - කලින් ආණ්ඩුව විදුලි බල මණ්ඩලේ කෑලි කරද්දී කටේ පිට්ටු තියන් හිටපු වෘත්තිය සමිති නායකයෝ අද කයිය ගහනවා
'බැකෝ සමන්' නමැති පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, 'කෙහෙල්බද්දර පද්මේ' නමැති පුද්ගලයෙකු විසින් මෙම ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බව විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධියෙන් පසු පොලිසියෙන් පලා ගිය සම්පත් මනම්පේරි, සැප්තැම්බර් 15 වන දින නීතිඥයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
තිබුණි. ඔහු අධිකරණයට භාර වීමෙන් පසු ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇත. අභියාචනාධිකරණය එම ඉල්ලීම සලකා බලා, විමර්ශන නිලධාරීන්ට ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝග කළ අතර, එම නියෝගය ලැබී දින දෙකකට පසු සැකකරු අධිකරණයට භාර විය.
සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශ කණ්ඩායම් සඳහා එම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.
අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ භූමිය වටා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු පෙනී සිටියහ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය, සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටි අතර, අධිකරණය එම ඉල්ලීම අනුමත කළේය.
සම්පත් මනම්පේරි, කලක් පොලිස් කොස්තාපල්වරයෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රී පියල් මනම්පේරි ද මෙම සිද්ධියට සම්බන්ධව පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය, කිලෝග්‍රෑම් 500 බරැති කවර 22ක අසුරා, 2025 ජනවාරි 29 වන දින කොළඹ සිට කන්ටේනර් දෙකකින් ගෙනැවිත් තලාව ප්‍රදේශයේ මාර්ගයක ගබඩා කර තිබූ බවත්, පසුව 2025 අගෝස්තු 31 වන දින එම ද්‍රව්‍ය ගෙවත්තක වළ දමා ඇති බවත්, කැණීම් යන්ත්‍ර ක්‍රියාකරුවෙකුගේ තොරතුරු මත හෙළි වී ඇත.