තේ වගාකරුවන්ට නව පොහොර සැලැස්මක්
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් ඇතුළත නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපේක්ෂිත බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඔහුගේ සභාපතිත්වයෙන් රැස්වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ද සහභාගී විය.
අමාත්‍යවරයා පැවසුවේ, රජය ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමට අවධානය යොමු කර ඇති බවත්, ඒ යටතේ නව ක්‍රමවේදයක් මගින් ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගත හැකි බවත් ය.
මෙහිදී පොල් නිෂ්පාදනය වැඩිකිරීම හා ප්‍රවර්ධනය පිළිබඳ ගැටලු ද දීර්ඝ ලෙස සාකච්ඡා විය. තැඹිලි නිෂ්පාදනය වැඩි කිරීමට කළුතර ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත්, එය අනාගතයේදී අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තේ හා රබර් වතුවල අතහැර දැමූ ප්‍රදේශ පුනරුත්ථාපනය කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති බවත්, ඔවුන් ඊට සුදුසු පියවර නොගන්නේ නම්, එම ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම, වතුකර ප්‍රදේශ සඳහා ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය ඇතුළු වෙනත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.