පාස්පෝට් වංචා විමර්ශන අඩාලයි - එන්.එම්.ආර්. තොරතුරු තිබුණත් ක්‍රියාවලිය ප්‍රමාදයි

Report

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර වංචාව පිළිබඳ විමර්ශන ප්‍රමාද කිරීම සැකසහිත බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසා ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධ පැමිණිලිවල ප්‍රගතිය විමසීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු රැස්වීමකදී ඔහු මෙසේ පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) මුද්‍රණය සඳහා ටෙන්ඩර් ප්‍රදානයේදී සිදුවූවාට ඇති බව කියන ප්‍රසංපාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් පෙර රජය යටතේ ද වර්තමාන රජය යටතේ ද විමර්ශන ක්‍රියාත්මක නොවන බව ඔහු සඳහන් කළේය.

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

එකම අන්තර්ජාල සේවා සපයන සමාගමක් සම්බන්ධ වංචා ක්‍රියා දෙකක් පිළිබඳ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළත් නව රජය යටතේ ද කිසිදු විමර්ශනයක් සිදු නොවීම කණගාටුවට කරුණක් බවත්, තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසංපාදන යාන්ත්‍රණවලට පටහැනිව රටේ උද්ධමන අනුපාත නොසළකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණ ටෙන්ඩරය ප්‍රදානය කර ඇති බවත් ඔහු කීය.

2003 සිට මේ දක්වා වසර 22කට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතා අඛණ්ඩව සිදුවී ඇති අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලුම අමාත්‍යවරුන් සහ කොමසාරිස් ජෙනරාල්වරු මෙම චෝදනාවලට වගකිව යුතු බවත් ඔහු සඳහන් කළේය.

මේ මොකද මේ? විජිත හේරත්, රාජිත, දයාසිරි හැමෝම එක මේසේ සතුටු සාමිච්චියක?

මේ මොකද මේ? විජිත හේරත්, රාජිත, දයාසිරි හැමෝම එක මේසේ සතුටු සාමිච්චියක?

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් ඒවායේ ප්‍රගතිය සෑහීමට පත් නොවන බවත්, අදාළ අධිකරණමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

නෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා,නාමල් ගොඩ ගියේ නෝනගේ දේපල නිසාලූ

නෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා,නාමල් ගොඩ ගියේ නෝනගේ දේපල නිසාලූ