චීන ජාතිකයෙකුගේ මළසිරුරක් දෙහිවලින් හමුවේ
දෙහිවල ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. චීන ජාතිකයා ඉහළ මහලකින් වැටී මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
දෙහිවල පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව දෙහිවල අල්විස් පාරේ නිවසක් පිටුපස මළ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
පෞද්ගලික සමාගමක සේවය කරන චීන ජාතිකයන් පිරිසක් නිවස අසල මහල් ගොඩනැගිල්ලේ රැඳී සිටි බව ද පොලිසිය පැවසීය.
මේ අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මෙම තත්ත්වය තුළ, දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.