2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Report

2026 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

ජාතික ජනබලවේග රජයේ දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම කෙටුම්පතට අනුව, 2026 වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,434කි.

එළඹෙන වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට ය. එය රුපියල් බිලියන 634කි.

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක්, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක්, සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන් කර ඇත.

ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කර ඇති අතර, එය 2025 වසරේ වෙන් කළ රුපියල් බිලියන 2.7ට වඩා බිලියන 8ක වැඩිවීමකි. මෙයට ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 8.29ක් වෙන් කිරීම හේතු වී ඇත.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන් කර ඇති අතර, 2026 වියදම් පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය ණය සීමාව රුපියල් බිලියන 3,800ක් ලෙස නියම කර ඇති බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

2026 අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, දෙවනවර කියවීමේදී ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 7 වන දින සිදුවේ. දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දින 6ක් පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00ට ඡන්ද විමසීම සිදුවේ.

තුන්වනවර කියවීමේ (කාරක සභා අවස්ථාව) විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් පැවැත්වෙන අතර, දෙසැම්බර් 5 පස්වරු 6.00ට තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව පවසයි. 

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

''විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න'' ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්

''විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න'' ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්