කොවිඩ් ආසාදිත තවත් සත්වයෙක් හමුවේ (VIDEO)
දෙහිවල සත්වෝද්‍යානයේ කොටියෙකුටත් කොවිඩ් ආසාදනයවී ඇද්දැයි සැකයක් මතුව ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. මෙම කොටියාගේ ජෛව පටල සාම්පල කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
දෙහිවල සත්වෝද්‍යානයේ පිරිමි කේසර සිංහයකුටද සිංහ ධේනුවකටද ඔරංඔටං සහ චින්පන්සි සතුන් දෙදෙනෙකුටද මෙයට පෙර කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගැනිණ.
සත්වෝද්‍යානයේ මුලින්ම කොවිඩ් ආසාදනය වූයේ " තෝර් " නැමැති පිරිමි කේසර සිංහයාටය. කොවිඩ් ආසාදනයවීමෙන් සිංහයා සෞඛ්‍යමය වශයෙන් දැඩි අවදානමකට ලක්වුණත් එම සත්වයා මේ වනවිට සුවය ලබා සිටින බවද විමලවීර දිසානායක මහතා කීවේය.
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන මේ වනවිට විවෘත කර ඇති අතර ඒවා උපරිම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යන ලෙස ඒවායේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම සත්වෝද්‍යාන මාස කිහිපයක් එක දිගට වසා දමා තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |