මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

People's Bank Law and Order Latest Headlines Sinhala news
By Mithu Jun 20, 2025 09:55 AM GMT
Mithu

Mithu

Report

මේ දිනවල විවිධ බැංකු හරහා වංචා සහගත සිදුවීම් රැසක් සිදුවෙමින් පවතිනවා.සමහර අවස්ථාවන්වලදී ගිණුම් වලින් මුදල් වෙනත් ගිණුම්වලට බැර වෙන අවස්ථා වැනි අවාසනාවන්ත සිදුවීම්වලට ගනුදෙනුකරුවන් මුහුණ දෙනවා.

ඉතින් ඒ සෑම අවස්ථාවකදීම සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීම රාජ බැංකුවක් විදිහට මහජන බැංකුවේ වගකීමයි.ඔවුන් කීප අවස්ථාවකදීම මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුකළා.නැවත වතාවක් සමාජය තුළ මහජන බැංකුවේ නාමයෙන් සිදුවන වංචා සහගත ක්‍රියාවක් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමක් සිදුකර තිබුණේ පහතත ආකාරයටයි.

" විශේෂ නිවේදනයයි! PEOPLE'S BANK Pride of the Nation මහජන බැංකුවේ සහ People's Pay Appහි නම්, ලාංඡන (Logo) සහ වර්ණ යොදාගෙන ප්‍රවර්ධනය සිදු කරන මෙම වැඩසටහන සමඟ මහජන බැංකුවට හෝ People's Pay App හට කිසිදු සමිබන්ධයක් නොමැති බවත් මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් මහජන බැංකුවෙන් බව පවසමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් හෝ සමාජ මාධ්‍යය මාර්ගයෙන් ඔබගේ OTP, Passwords, ගිණුම් අංක, Credit /Debit කාඩිපත් අංක සහ CVC/CVV ආදී පෞද්ගලික බැංකු තොරතුරු ඉල්ලා සිටින කිසිදු බාහිර පාර්ශවයක් වෙත අදාළ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත් අප ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු."

ReeCha