ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

Report

පසුගිය සමයේ සිදු කරනු ලැබූ වංචාවන් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් දිගින් දිගටම කරුණු හෙළි කරමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 110ක කිරි ගව ආනයන වංචාවකට හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකු සහ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධ බව හෙළි වී ඇති බවයි.

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අය මෙයට සම්බන්ධ බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පී. හැරිසන්, විජිත් විජිතමුණි ද සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද ඒ අතර වන බවයි ඔහු පැවසුවේ.

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ දේශපාලන කාලයේ (2005–2015), කිරි නවෝත්පාදන වැඩසටහන මෙහෙයවත් විය. සමහර වාර්තා ව්‍යාපෘතියක් හරහා 20,000 ගව ආනයන පැවැත්වීමට උත්සාහ වූ බව සඳහන් වනවා.

බැසිල් රාජපක්ෂ ගව ආනයන වැඩසටහන සෘජුව මෙහෙයවූ බව ආරංචි වාර්තා සඳහන් කරනවා.

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

කිරි ලබාගැනීම සඳහා ගවයන් ආනයනය කිරීමේ මුවාවෙන් නුසුදුසු මට්ටමේ ගවයන් ආනයනය කර ඇති බව මන්ත්‍රී නිහාල් ගලප්පත්ති හෙළිකළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම හිටපු ජනාධිපතිවරුන් සහ අමාත්‍යවරුන් කිසිවකුට බේරීමට ඉඩක් නොමැති බවත්, ඔවුන්ගෙන් කිසිවකුට කිසිදු හෝ අනුකම්පාවක් නොදක්වනු ඇති බවත්ය. 

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්