නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වයත් ගස්

Report

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

මේ බව දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකිනි.

අදාළ නිවේදනය මඟින් දන්වා තිබෙන්නේ ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ගාල්ලේ සභාව ඇඩෙන්නම පිහිටුවයි - නගරාධිපති මාලිමාවෙන්

ගාල්ලේ සභාව ඇඩෙන්නම පිහිටුවයි - නගරාධිපති මාලිමාවෙන්

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇත.

අදාළ නිවේදනයෙන් එවන් පසුබිමක පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර ඇති බවත්, ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරී පත්ව ඇති බවත් දැනුම්දී ඇත.

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන අතර, පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බව දැනුම්දී තිබෙනවා.