ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

Benjamin Netanyahu Israel Sinhala news Breaking News Iran-Israel War
By Kaushi Jun 20, 2025 07:35 AM GMT
Kaushi

Kaushi

Report

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිදු කළ ප්‍රකාශයක් නිසා දැනටමත් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීමට හේතු මතුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය ඇති වීමට හේතු වී ඇත්තේ ඔහු විසින් මැදපෙරදිග යුද්ධය හමුවේ තමන්ට විශාල ලෙස පෞද්ගලික හානියක් ද සිදු වූ බවට මාධ්‍ය හමුවේ කර තිබෙන ප්‍රකාශයක් නිසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ඒ අනුව පවතින යුධ තත්ත්වය නිසා සිය පුතු වන අව්නර්ගේ විවාහ මංගල්‍යය දෙවැනි වරටත් කල් දැමීමට සිදු වී ඇති බව ඔහු පවසා ඇත.

මේ නිසා තමාට පෞද්ගලිකව විශාල පාඩුවක් වන බවට ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

ඊයේ (19) දින රාත්‍රී කාලයේදී ඉරානය මඟින් ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට පහරදීමෙන් අනතුරුව ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද එල්ල කර තිබෙනවා.

එහිදී ඊශ්‍රායල අගමැතිවරයා සොරෝකා රෝහල නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු කර ඇත.

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ආතතීන් මධ්‍යයේ මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් බොහෝ ඊශ්‍රායල ජාතිකයින් විවේචන එල්ල කරන බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැතිවරයා විසින් යුධ කාලීන විඳ දරාගැනීමේ ආත්මයක් ඇති කරගන්නා ලෙසට ද වැසියන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

ReeCha