එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉකුත්දා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව එල්ල වී තිබෙන ඖෂධ වංචාවට අදාළ චෝදනාව පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එහි කැදවා තිබූ බව වාර්තා වේ.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

එම අවස්ථාවේදී සිද්ධ වී ඇති වංචාව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මුළුමනින්ම වගකිව යුතු බවට හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ ඉමියුනිග්ලෝබියුලීන් නමැති ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම ඔහු ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව සිදු කළ බවටයි.

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ කැබිනට් පත්‍රිකාවක අඩංගු කරුණු පිළිබඳව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යවරයා වගකිව යුතු බවයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

එසේම රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා ඇත්තේ අඳාළ ඖෂධය ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පමණක් මිලදී ගන්නා ලෙස කෙහෙළියට උපදෙස් දී තිබූ බවයි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල විසින් අඳාළ ඖෂධ ප්‍රසම්පාදනයට සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ මුදල් ලබා ගෙන ඇත්තේ එසේ උපදෙස් ලැබී තිබූ අවස්ථාවක බව ද ඔහු පවසා ඇත.

පත් වුණ ගමන් NPP ප්‍රා.ස සභාපති ඉල්ලා වෙයි

පත් වුණ ගමන් NPP ප්‍රා.ස සභාපති ඉල්ලා වෙයි

කෙසේ වෙතත් මේ වන විටත් ගැටලුකාරී වූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයෙහි මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුර සහ පිළිකා නාශක රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බවට කරුණු සොයා ගෙන ඇත. 

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්