කෙහෙළියගේ දියණියට ඇප

Report

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියනියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ඊයේ පස්වරුවේ බන්ධනාගාරය වෙත රැගෙන ගියා. ඇය රඳවනු ලැබුවේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුනා.

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

මේ අතර රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අධිකරණයේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ අනාවරණ කර ඇත්තේ මෙම ප්‍රතිදේහ එන්නත් ද්‍රාවණවල මිනිස් ශරීරයට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු තිබූ බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසකටයි. 

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට