ලංකාවේ 20000ක් ඊශ්‍රායලයේ හිර වෙලා දැන් මොකද කරන්නේ ? [VIDEO]
අද රැස් වූ පාර්ලිමේන්තුවේදී ලංකාවේ 20000 පමණ පිරිසක් ඊශ්‍රායලයේ සිටින අතර මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය හමුවේ ලාංකික ප්‍රජාව පිළිබද ගෙන ඇති වැඩ පිළිවෙල පිළිබද ප්‍රශ්නයක් නැගුනා.
එයට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ දැනට ඊශ්‍රායල ගුවන් ගමන් නවත්වා ඇති නිසා ලාංකිකයන්ව ගෙන්වීමට අපහසු නමුත් ලංකා තානාපති කාර්යාලයෙන් එම පිරිස පිළිබද විමර්ශනයෙන් සිටින බවයි.
ඔවුන්ට අවශ්‍ය ඉදුම් හිටුම් ආහාර පාන මුදල් හා සෞක්‍ය අවශ්‍යතා තානාපති කාර්යාලයෙන් සපුරන බවයි.
සිදුවූ ප්‍රහාර වලින් ලාංකිකයන් සිව්දෙනෙකුට තුවාල වී ඇති අතර එයින් තුන්දෙනෙක් සාමාන්‍ය තත්ත්වයෙන් සිටින අතර එක පුද්ගලයකුගේ කකුලට වීදුරුවක් වැටීම හේතුවෙන් තරමක් තුවාල ලබා ඇති බවයි.
අමාත්‍යවරයාගේ සම්පුර්ණ කතාව පහත දැක්වේ..