ගාල්ලේ සභාව ඇඩෙන්නම පිහිටුවයි - නගරාධිපති මාලිමාවෙන්

Galle Sri Lanka Podujana Peramuna Election National People's Power - NPP Sinhala news
By Hashini Jun 20, 2025 07:01 AM GMT
Hashini

Hashini

Report

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.

අද (20) ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසීමක් පැවැත්වුනා.

එම ඡන්ද විමසීමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පසුව සමගි ජනබලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවනු ලැබීය.

මේ හේතුවෙන් සභාව මිනිත්තු 30ක කාලයකට කල්තැබුණි.

ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත්වුණි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රියන්ත සහබන්ධු මහතා පත්ව තිබෙනවා. 

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

ReeCha