පාලිමේන්තු සැසිය නරඹන්න ආ සුපිරි නළුවා [VIDEO]

Mohanlal Parliament of Sri Lanka Sinhala news
By Hashini Jun 19, 2025 11:01 AM GMT
Hashini

Hashini

Report

මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන සුප්‍රසිද්ධ නළු මොහාන්ලාල් අද දිනයදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සැසිවාරයක් නැරඹීමට එක්ව ඇති අයුරු දක්නට ලැබිණි.

චිත්‍රපටයක් රූගත කිරීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි මොහාන්ලාල් ,අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පැමිණි අතර, එහිදී ඔහු පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා ගත්තේය.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

මෑත කාලයේදී දකුණු ඉන්දීය සිනමා කලාකරුවන් රැසක් චිත්‍රපට රූගත කිරීම්, සංචාරක කටයුතු, සහ වෙනත් වෘත්තීමය අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටිති.

මොහාන්ලාල් මහතාගේ මෙම චාරිකාව ද එවැනි එක් අවස්ථාවක් වන අතර, ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර විශේෂ අවධානයක් ලබා ඇත.

මොහාන්ලාල් මහතාගේ පාර්ලිමේන්තු චාරිකාව ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා දේශපාලනික යථාර්ථයන් ගැන ඔහුගේ උනන්දුව පිළිබිඹු කරන අතර, මෙය ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්


ReeCha