දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි.

Sri Lanka Department of Meteorology TN Weather Weather
By Hashini Oct 06, 2023 02:58 AM GMT
Hashini

Hashini

Report

අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බස්නාහිර, සමබරමුව, දකුණු හා වයඹ යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් එලෙස වැසි ඇති විය හැකිය.

එමෙන්ම ගාල්ල,මාතර, කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟින් ඇති විය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.  

ReeCha