අදත් ගිගුරුම් සහිත වැසි...පීඩාවට පත් වුවන් ගණන ඉහළට..

Sri Lanka TN Weather Weather
By Hashini Oct 05, 2023 04:58 AM GMT
Hashini

Hashini

Report

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ මීගමුව ප්‍රදේශයෙනි.  

මිලි මීටර් 97ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයෙන් වාර්තා විය.

අධික වැසි තත්ත්වයත් සමඟ පීඩාවට පත්ව සිටින පවුල් සංඛ්‍යාව 34,827ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවුල් 8,807කට අයත් පුද්ගලයන් දිස්ත්‍රික්ක 12ක මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ආපදා හේතුවෙන් නිවාස 691කට අර්ධ හානි සිදුවී ඇති බවයි.

එසේම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කොළඹ , ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්. පී. සී. සුගීෂ්වර පැවැසුවේ නිල්වලා, කළු, ගිං, කැලණි යන ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට මිලි මීටර් 150 ක පමණ වර්ෂාපතන තත්වයක් ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිත පහත් බිම් කලාපවල මහා ගංවතුරක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. 

ReeCha