ජනතාවට විශේෂ දැනුම්දීමක් - අකුණුවලින් ප්‍රවේශම් වෙන්න!

By Shehan Apr 16, 2025 01:01 AM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව, උතුරු-මැද පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇතිවිය හැකිය.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.

පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්

පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්

මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්