පා. මන්ත්‍රී චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් අද අධිකරණයට නොආවත් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග

Report

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අඳාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන 20 තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) දින නියෝග කර ඇත.

ඒ අනුව එම සිද්ධියට අඳාළ එම නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් පසු මෙසේ නියෝග කර ඇත.

එසේම මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වන දින කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මෙම සිද්ධියට අඳාළ තුන්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීමට අඳාළ පිටපත් අද අධිකරණයේ දී අල්ලස් කොමිසමට ලබා දී ඇත.

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

එහිදී පළමු සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් වෙනු⁣වෙන් පෙර නඩු දිනයේ දී කර තිබු ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අඳාළ නියෝගය කියවා දෙමින්. එසේම තුන්වැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේ අයවැය කියවීම එළඹෙන 12 වැනිදා පවතින බැවින් තම සේවාදායකට පාර්ලිමේන්තුවට ගෙන යන ලෙස නියෝගයක් කරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මඟින් දන්වා ඇති බවත් බෝවන රෝගී තත්ත්වය හේතුවෙන් අධිකරණයට පවා සැකකරුවන් ඉදිරිපත් නොකළ බවයි.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

එමෙන්ම ඉල්ලීම් කරන දිනට කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා ඇත.

මේ අතර මෙම සිද්ධියට අඳාළ සිව්වැනි සැකකරු වන ගමගේ චන්දනාත් දිනේෂ් පෙරේරා නමැත්තාට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම පුද්ගලයාට අවස්ථා කිහිපයක දීම අල්ලස් කොමිසමේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබුණද ප්‍රතිචාරයක් දක්වා නොතිබු බව විමර්ශන නිලධාරි පොලිස් සැරයන් නිලංග ( පො.සැ. 71561) අධිකරණයට සාක්ෂි ලබා දී ඇත.

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.

එසේම චාමර සම්පත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් අද දින අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණේ නැති බව සඳහන්. 

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්