අද පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම කාලගුණ නිවේදනය - ඉදිරි පැය 36 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 36 තුළ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ. අද (10) පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්