රුවන්වැලි සෑය ළඟ භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට - පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Report

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් රුවන්වැලි සෑය අභියස පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරයට පසුගිය 07 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අදාළ පහරදීමේ සිද්ධිය හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරු සිය පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වේ.

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර