ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්
ඇමරිකාව විසින් ලෝකයට පනවා ඇති බදු, ශ්‍රී ලංකාවට සාපේක්ෂව එතරම් බලපෑමක් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකාවට අපනයනය සීමිත බවත්, එහි බහුතරය ඇඟලුම් බවත් ඔහු සඳහන් කරයි.
එම බදු හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයේ රැකියා අහිමි වුවහොත්, එම පිරිසට වෙනත් රැකියා හිමි වන තෙක් දීමනාවක් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. අන්තර්ජාල සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
ඇමරිකාවේ බදු දිගුකාලීනව පවත්වාගෙන යාමට නොහැකි බවත්, එය ලෝකයට පමණක් නොව ඇමරිකාවටම බලපෑමක් ඇති කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
චීනය සමඟ වෙළඳ යුද්ධයකින් ඇමරිකාවට ජයගත නොහැකි බවත්, එය ඇමරිකාවේ පරාජයට හේතුවන බවත් ඔහු කීය. මෙම වැරදි තීරණය ඉක්මනින් වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවද ටිල්වින් සිල්වා තවදුරටත් පැවසීය.