ත්‍රිපෝෂ ආයෙමත් නැද්ද..ත්‍රිපෝෂ ගැන ඇහෙන අලුත්ම කතාව

Report

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති නම් ඒ සම්බන්ධයෙන් විවිධ නිවේදන නිකුත් නොකර එම ගැසට් නිවේදනය ආපසු හැරවීමට පියවර ගන්නා ලෙසයි.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය අමතමින්, විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කළ රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය බලංගොඩ නගරයේදී පැවැත්වුණා.

ඒ, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.