ප්‍රසිද්ධ වෙන්න මට ඒ ගොල්ලෝ දෙන නාන ඇඳුමත් අඳින්න වුණා.අඩ නිරුවත් වෙන්න වුනා. ත්‍රිකලා ධරණී (PHOTOS).
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් නිරුපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා. ඉතින් ඒ ගැන සහ ය ගැන අපිට කිවුවේ මේ විදිහට. මිනිසුන්ට පිටතින් පෙනෙන දේ නොවෙයි මගේ ‘‘ෂූට්’’ වලින් පේන්නේ. මම හැම තිස්සෙම මේකප් දාගෙන ඉන්න කෙනෙක් කියලයි හිතන්නේ. හැබැයි ඇතුළාන්තය ගත්තොත් බොහොම සරලව ඉන්න කැමති, මිනිස්සු හැමෝම මනුස්සකමින් මනින කෙනෙක්.
ඒ කියන්නේ වෙන කිසිම තරාතිරමකටවත්, ද්‍රව්‍යමය දේවල්වලටවත්, ලොකුකමකටවත්, බලයටත්, කිසිම දෙයකට මනුස්සයකු මනින්නේ නැති මනුස්සකමට විතරක් මිනිස්සු මනින කෙනෙක් විදිහට තමයි මම මාව දකින්නේමට හීන 5ක් තිබුණා. අද වෙද්දී ඒ 5ම මම සැබෑ කරගෙන ඉන්නවා.
ගුවන්යානා ඉංජිනේරු සම්බන්ධයෙන් ඉගෙන ගන්න, ලස්සන ඔසරියක් ඇඳලා, උස සපත්තු දාලා ගුවන් සේවිකාවක් වෙන්න, රෝස පාට ලස්සන සැප පහසු වාහනයක ගමන් කරන්න තමයි මුල් හීන 3. අනෙක් හීන 2 පෞද්ගලික ජීවිතයට සම්බන්ධ දේවල්. මගේ පවුල් ජීවිතයට සම්බන්ධ නිසා ඒවා මම කියන්නේ නෑ. හීන 5ම හඹාගෙන ගිහින් ඉටුකර ගත්තා. මම අවුරුදු 5ක් ලංකාවේ, අවුරුදු 6ක් පිටරට වෘත්තීමය නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා. මට දැනුණු දේ කියන්නේ.
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට ගොඩ එන්න බැරි එන්න එන්න මේක ආපස්සට යන හින්දයි. අපි අවුරුදු 10-15 කට පෙර ගත්තොත්, ඒ කාලයේ සිටි යම් කිසි නමක් දිනා සිටි නිරූපණ ශිල්පීන් තරම්වත්, ඊට පස්සේ අවුරුදු 10කටවත් බිහිවෙලා නෑ. ඒකට හේතුව තමයි වෘත්තියට, වෘත්තිමය ගරුත්වයක් දෙන්නේ නැතිකම. මේ ක්ෂේත්‍රය අපේ අය හෑල්ලුවට ලක්කරලා තිබෙනවා. ක්ෂේත්‍රයට ආපු ගමන් කරන්න හදන්නේ ‘‘හිට්’’ වෙන්නයි.
එක පාර ප්‍රසිද්ධ වෙන්නයි. එතනදී විවිධ විවිධ ක්‍රම භාවිත කරනවා. ප්‍රසිද්ධ වෙන්න ලස්සනට අඳින්න ඕනැ. ඉන්ජෙක්ෂන් ගහන්න පටන් ගන්නවා. ඒවාට සල්ලි ඕනැ. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඒ තරම් සල්ලි හොයන්න අමාරුයි. ඒ නිසා වෙන වෙන අයුතු වැඩවලට යොමුවෙනවා. ලංකාවේ ‘‘මොඩ්ල්’’ කෙනෙක් ඒ විදිහට ඉන්නේ නැතුව ටෙලිනාට්‍ය, චිත්‍රපටවල රඟාපාන්න යනවා. ඒ වෘත්තියට ගරුත්වය දීලා ඒක හදාගන්නේ නැතුව මේ කෙටි පාරවල්, ‘‘ෂෝට් කට්’’ හොයන්න යනවා.
ඒක නිසා තමයි ‘‘මොඩ්ල්’’ ක්ෂේත්‍රය හෑල්ලු වුණේ. නිරූපන ශිල්පිනියක් වෙන්න කලින් මම රූ රැජිනක් වුණේ. අපිට ඔටුන්න දාගන්න සෑහෙන්න මහන්සි වෙනවා. එතකොට ‘පැජන්ට්’’ එකක් ඇතුළේ ‘‘මිනි පැජන්ට්’’ තිබෙනවා. අනු තරගවලින් ප්‍රධානතම එකක් තමයිි ‘නාන ඇඳුම් තරගය’.
එතකොට එයට හරි පෞරුෂත්වයකින් පෙනී ඉන්න බැරිනම්, ඒ කෙනාට ඔටුන්නක් දරන්න සුදුසු නෑ. මම දකුණු අප්‍රිකාවට ගිහින් මගේ රට නියෝජනය කරන විටත්, මට ඒ ගොල්ලෝ දෙන නාන ඇඳුම අඳින්න වුණා. නිරූපණ ක්ෂේත්‍රයට එනවිටත් මම ‘‘නාන ඇඳුම්’’ ඇන්දා. මම දැනටත් හෝටල්, සංචාරක කර්මාන්ත සම්බන්ධ ෆොටෝ ෂූට් කරද්දී නාන ඇඳුම් හා අදාළ කොට ඇඳුම් අඳිනවා. අඩ නිරුවත් වෙනවා. හැබැයි මට කවුරුවත් එහෙම ඇන්දා කියලා අයුතු යෝජනා, බලපෑම් එල්ල කළේ නෑ.
මට ගොසිප් එකක්වත් ගිහිල්ලා නෑ. මොකද මිනිස්සු දන්නවා, මම වෘත්තියට අදාළ ඇඳුම් තමයි අඳින්නේ කියලා. මොකද මම නාන ඇඳුම ඇඳගෙන සුපර් මාර්කට් යන්නේ නැහැනේ. මම කොටට අඳිනවා. අඩ නිරුවත් ඇඳුම් අඳිනවා. මම විශාල පරාසයක ‘‘පැෂන්’’ කරනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |