ත්‍රිරෝද රථ ජාවාරමක සැකකරුවන් 04ක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් හතර දෙනෙකු ගණේමුල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 20,26,28 සහ 30 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථ සොරාගැනීමක් සම්බන්ධයෙන් මහබාගේ පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදීයි මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.
සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔවුන් විසින් බස්නාහිර පළාත තුළ විවිධ ප්‍රදේශවල දී සොරා ගන්නා ලද ත්‍රිරෝද රථ 17කින් ත්‍රීරෝද රථ 12ක් සහ අනෙක් ත්‍රීරෝද රථ පහේ කොටස් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
රාගම, මහාබාගේ, වත්තල, ජා-ඇළ, කඳාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් සැකකරුවන් විසින් මෙලෙස ත්‍රිරෝද රථ සොරාගෙන ඇති බවටයි තොරතුර අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.