ඉන්ධන මිල අඩු වුණත් ත්‍රීවිල් ගාස්තුව සුබ නොවෙයි - මගීන්ට ගාස්තුව ගැන දැනුම්දීමක්
ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ පෙට්‍රල් මිල අඩු කෙරුණද සිය ගාස්තුවල වෙනසක් සිදුකිරීමට නොහැකි බවයි.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් ලලිත් රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කළේ තවමත් රුපියල් 16ක අලාභයක් මත සිය කර්මාන්තය කරගෙන යන බවයි.
ඊයේ(29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබුණා.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබෙනවා.