ටියුෂන් ගිහින් අතුරුදන් වූ සිසුවියන් තිදෙනා.
By Wayomi
ඊයේ (29) සවස සිට ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනෙක් අතුරුදන් බවට යක්කල සහ වීරගුල පොලිසි වලට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත.
එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇති අතර අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් තිදෙනෙක්.
පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇති අතර අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන අද (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බවයි යක්කල සහ වීරගුල පොලිසිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.