ඡන්දයට දේශපාලන පක්ෂ 3ක් ඇප තියයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (04) පස්වරු 4.15 දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 05ක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
ඒ සඳහා දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධීන කණ්ඩායම් 09ක් පළාත් පාලන ආයතන 23ක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
