පාදුක්ක තානායමක උණුසුම් තත්ත්වයක් - ආයුධවලින් පහරදී තිදෙනෙකුට බරපතළ තුවාල
By Mithu
පාදුක්ක තානායම තුළ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට පිටතින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තා වේ.
පහරදීමෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. මීට දින කිහිපයකට පෙර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පහරදීම සිදුකළ පුද්ගලයින් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පාදුක්ක පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පාදුක්ක පොලීසිය මඟින් ක්‍රියාත්මක වේ.