කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සුබ ලකුණක් - සියලු කොටස් මිල දර්ශකයේ කැපී පෙනෙන ඉහළ යෑමක්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (09) දිනයේ ආරම්භයේදී කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.86කින් ඉහළ ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 174.62කින් ඉහළ ගොස් ඒකක 20,408.96ක් ලෙස සටහන් වී තිබෙනවා. මේ අතර, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද සියයට 0.86කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 49.77ක වැඩිවීමක් සමඟ ඒකක 5,812.33ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

මිල දර්ශකය ඉහළ යාමට දායක වූ සමාගම්

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට කොමර්ෂල් බැංකුව, ඩයලොග් ආසියාටා, ඩිස්ටිලරීස් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව ඇතුළු සමාගම්වල කොටස් මිල ඉහළ යාම දායක වී තිබෙනවා.

ඒ අනුව, කොමර්ෂල් බැංකුවේ කොටසක මිල සියයට 0.88කින් ඉහළ ගොස් රුපියල් 201ක් ලෙස සටහන් වුණා.

ඩයලොග් ආසියාටා කොටසක මිල සියයට 1.59කින් ඉහළ ගොස් රුපියල් 44.80ක් ලෙස සටහන් වුණා.

ඩිස්ටිලරීස් සමාගමේ කොටසක මිල සියයට 1.76කින් ඉහළ ගොස් රුපියල් 52ක් ලෙස සටහන් වුණා. හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 1.20කින් ඉහළ ගොස් රුපියල් 380ක් ලෙස සටහන් වුණා.

“ජාතිවාදී නෂ්ටාවශේෂ නැවත නැවත ඉස්මතු වුණත්, ජාතිවාදී හා ආගම්වාදී කුමන්ත්‍රණවලට රාජය කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” - ඇමති ආනන්ද විජයපාලගෙන් සැර කතාවක්

“ජාතිවාදී නෂ්ටාවශේෂ නැවත නැවත ඉස්මතු වුණත්, ජාතිවාදී හා ආගම්වාදී කුමන්ත්‍රණවලට රාජය කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” - ඇමති ආනන්ද විජයපාලගෙන් සැර කතාවක්

පහළ ගිය කොටස් මිල

මේ අතර, SMB ෆිනෑන්ස්, හේකාර්බ්, මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් සහ ඔඩෙල් යන සමාගම්වල කොටස් මිල පහළ ගොස් තිබෙනවා.

SMB ෆිනෑන්ස් කොටසක මිල සියයට 9.09කින් පහළ ගොස් රුපියලක් ලෙස සටහන් වූ අතර, හේකාර්බ් කොටසක මිල සියයට 0.75කින් පහළ ගොස් රුපියල් 199.75ක් ලෙස සටහන් වුණා.

මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් කොටසක මිල සියයට 1.79කින් පහළ ගොස් රුපියල් 55ක් වූ අතර, ඔඩෙල් කොටසක මිල සියයට 4.04කින් පහළ ගොස් රුපියල් 9.50ක් ලෙස සටහන් වී තිබෙනවා.

වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 343 ඉක්මවයි

අද දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 343.62ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එහිදී ප්‍රාග්ධන භාණ්ඩ අංශය රුපියල් මිලියන 77.51ක පිරිවැටුමක් සමඟ ඉදිරියෙන් සිටියා.

මේ අතර, E. B. Creasy & Company PLC සමාගම නිවේදනය කර ඇත්තේ සිය අනුබද්ධ සමාගමක් වන E. B. Creasy Logistics Ltd ලබාගෙන ඇති බැංකු පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 50ක ආයතනික ඇපකරයක් 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති බවයි.

අදාළ ඇපකරය පිළිබඳ නිවේදනය ප්‍රමාද වූයේ බැංකුවෙන් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නිල දැනුම්දීම ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් බව ද සමාගම සඳහන් කර තිබෙනවා.

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්