රුපියල් 10,000ක අල්ලසක් ගත් බුත්තල වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අත්අඩංගුවට

Report

දේවාලමංකඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක අනවසරයෙන් ගස් කපා හේන් වගා කිරීම සම්බන්ධයෙන් නඩු නොපවරා, එම වගා කටයුතු පවත්වාගෙන යාමට ඉඩ සැලසීම වෙනුවෙන් මාසිකව රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බුත්තල බීට්ටු වන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. '

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

මෙම සැකකරු ඊයේ (08) පස්වරු 7.39ට පමණ බුත්තල බස් නැවතුම්පොළේදී රුපියල් 10,000ක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේය.

පැමිණිලිකරු විසින් අක්කර තුනක පමණ රජයේ ඉඩමක සිදුකරන මෙම වගා කටයුතු සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදීද සැකකරු විසින් මුදල් ලබාගෙන ඇති අතර, පසුව මෙලෙස මාසිකව රුපියල් 10,000 බැගින් ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

අත්අඩංගුවට ගත් සැකකාර වන ක්ෂේත්‍ර සහකාරවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.