''මෙට්‍රෝ බස් රථයේ ගැටුණු පෞද්ගලික බස් රථයට වැඩ වරදී'' - රටම විමසිල්ලෙන් බලා සිටි සිද්ධිය මෙන්න [VIDEO]
අතුරුගිරිය නගරයේදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථය නිසි පරිදි නඩත්තු කර නොතිබීම හේතුවෙන් එයට තාවකාලික ධාවන තහනමක් පනවා තිබෙනවා.
ඊයේ (08) අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා පරීක්ෂා කර ඇති අතර, එය නිසි ආකාරයෙන් නඩත්තු කර නොමැති බවට නිර්දේශ කිරීමෙන් පසු තාවකාලික ධාවන තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
අතුරුගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වන මෙම පෞද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළේ නතර කිරීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගනිමින් සිටියදී, මිලේනියම් සිටි සිට පිටකොටුව දක්වා ධාවනය වූ මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළා.
“ජාතිවාදී හා ආගම්වාදී කුමන්ත්රණවලට රාජය කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” - ඇමති ආනන්ද විජයපාලගෙන් සැර කතාවක්
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අනතුර සිදුවන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද ලබාගෙන තිබෙනවා.
ඒ අනුව, අද (10) දිනයේදී කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අනතුරට සම්බන්ධ බස් රථ දෙකෙහිම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
එම පරීක්ෂණ වාර්තාවලට අනුව රියදුරන් දෙදෙනාගෙන් කිසිවෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු වී ඇති බව පොලිසිය පැවසුවා.