චාමර සම්පත් අද අල්ලස් කොමිසමට
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (09) පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මීට පෙර කළ දැනුම්දීමකට අනුව මන්ත්‍රීවරයා කොමිසම වෙත පැමිණීමට නියමිත බව වාර්තා වනවා.