වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න
දේශීය සිමෙන්ති සමාගම් කිහිපයක් විසින් කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 2,100ත් 2,250ත් අතර මිල ගණන් යටතේ පැවති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,200ත් 2,350ත් අතර මිල දක්වා ඉහළ ගොස් තිබේ.
සිමෙන්ති නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.