නොරොච්චෝලේ යථා තත්ත්වයට දින තුනක්...
නොරොච්චෝලේ බලාගාරය ඊයේ (17) හදිස්සියේ බිඳ වැටීමට ලක් වුණා.
එලෙස බිඳ වැටීමට ලක්වූ නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 3ක් පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටරේ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
එහි පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙලෙස දින 03ක පමණ කාලයක් ගතවන බව ඔහු සඳහන් කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ විදුලි සැපයුමට මින් බාධාවක් නොවන බවත්, උපරිම ලෙස ජල විදුලි උත්පාදනයෙන් අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන බවයි.
.........................