ක්‍රිකට් තහනම් කරන්න ICC ගිය වාර්තා එලියට....(PHOTOS/VIDEO)

Report

ශ්‍රී ලංකාව සඳහා ජ්‍යාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනමක් පැනවුයේ පසුගිය 10 වැනිදායි.

ESPN CRICINFO නම් ලොව සුපතල ක්‍රීඩා වෙබ් අඩවිය තහනමෙන් පසු දිනම සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ ශ්‍රී ලංකාවට පැනවූ තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි සිදු වූ බවයි.

අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ICCය වෙත යොමු කළ බව පැවසෙන ලිපියක් සභාගත කරනු ලැබුවා.

විපක්ෂනායකවරයා කියා සිටියේ,

''මම බරපතළ ප්‍රකාශයක් කළා.මං කැමතියි එක‍ට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්න.මම පහුගිය දිනවලත්, ඊයේ දවසෙත් මම ප්‍රකාශයක් කරා අපේ රටේ ක්‍රිකට්වලට එල්ලවුණු තහනම සඳහා ඒ වාතාවරණය, පරිසරය,වපසරිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම යෝජනා කරපු දෙයක් කියන එක.මං ළඟ තියෙනවා දැන් ලිඛිත සාක්ෂි...ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකී ග්‍රේක් බාක්ලි චෙයාමන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ලියලා තියෙනවා අගෝස්තු 28 වෙනිදා..මේ ලිපියේ තියෙනවා දෙවෙනි කමියුනිකේෂන් එක ICC එකට යවන මොකක් ගැනද?..රජයේ ඇඟිලි ගැසීම්වලින් සිදුවන අභියෝග''

මෙම ලිපියට රජයෙන් එල්ලවන අභියෝග 5ක් පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

අදාළ ලිපිය පහතින්, 


වීඩියෝ දර්ශන හිරු TV .. 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery