කෝටි 3 ක පාවෙන රත්‍රං හෙවත් තල්මස් ඇම්බර් සමඟ 3ක් අල්ලයි. - (PHOTO)

Sri Lanka Police
By Wayomi Feb 07, 2024 10:54 AM GMT
Wayomi

Wayomi

Report

පාවෙන රත්‍රං ලෙස හඳුන්වනකෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් ගමන්ගත් ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෝටි 3 ක පාවෙන රත්‍රං හෙවත් තල්මස් ඇම්බර් සමඟ 3ක් අල්ලයි. - (PHOTO) | Three Arrested With Whale Amber

ReeCha