කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

Report

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 4ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේ මහ සභා රැස්වීමේදී රෝයි බෝගහවත්ත මහතා එසේ පැවසීය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

වායු සමීකරණ යන්ත්‍ර සහ ශබ්ද විකාශන උපකරණ ඇතුළු උපකරණ සඳහා මාසිකරැස්වීමක් වෙනුවෙන් ලක්‍ෂ ගණනක මුදලක් වැයකරන බවත් තව දුරටත් එම මුදල් නාස්තිය නොකර නගර සභාවේ මුදලින් එම උපකරණ මිලදීගැනීමට කටයුතු කළ යුතු බවත් බෝගහවත්ත මහතා කීය.

Google, Apple, Microsoft භාවිතා කරනවද? ට්‍රම්ප්ගෙන් අලුත් තීරණයක්

Google, Apple, Microsoft භාවිතා කරනවද? ට්‍රම්ප්ගෙන් අලුත් තීරණයක්

වර්තමාන ජාතික ජනබලවේග නගර සභාවේ උප නගරාධිපති හේමන්ත කුමාර මහතා රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධූරය දරණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී වායු සමීකරණ යන්ත්‍ර සඳහා කරන වියදමට විරෝධය දැක්වූ බව කී බෝගහවත්ත මහතා දැන් හේමන්ත මහතාට එම වියදම් කපාහැරීමට කාලය පැමිණ ඇති බව ද සඳහන් කළේය.

එහිදී නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සහ උප නගරාධිපති හේමනත් කුමාර මහතා පැවසුවේ තමන් පාලනය භාරගත්තා පමණක් බවත් එම වියදම් කපා හැරීමට බලාපොරොත්තුව වන බවත්ය.