බාල බෙහෙත් ගෙන් වූ තිදෙනෙක්ට රටින් පිටවීම තහනම්.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමක හිමිකරු සහ ඊට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනෙවා.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කළේ අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසුයි.
එම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් 'අරුණ දීප්ති', ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන සැකකරුවන්ට එරෙහිවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබන්නේ ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බව පැවසෙන ඖෂධ සමාගම පිළිබඳවයි.
එම ඖෂධය ගෙන්වීමත් සමඟම රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ අනුකාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති නමුත් සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීමේදී එහි දායකත්වය පිළිබඳ අනුකාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා රෝහල් 723ක ස්ථාපිත කර ඇති ස්වස්ත තොරතුරු කළමනාකරණ පද්ධතිය, තවත් රෝහල් 436ක ස්ථාපිත කිරීමට කාල රාමුවක් සකස් කරන ලෙස ද අනුකාරක සභාව උපදෙස් ලබාදී ඇති බවයි.
