ව්‍යාජ නම්බර් ප්ලේට් හදපු අයට වුනු දේ

Sri Lanka Crime Branch Criminal Investigation Department Crime Sinhala news
By Akash Mar 29, 2025 05:22 PM GMT
Akash

Akash

Report

සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29) උදෑසන කාලයේ එම ස්ථානය වැටලීම සිදුකර තිබුණේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවය.

අත්අඩගුවට ගත් සැකකරු සියඹලාගහවත්ත, සීදූව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන ඇත. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha