මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නොඑන බලකණු

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka General Election 2024 Parliament Election 2024
By Piyumika Oct 10, 2024 05:45 PM GMT
Piyumika

Piyumika

Report

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (10) සඳහන් කළේ, එම පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධානගතව හෝ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයයේදී තරග නොකරන බවය.

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

එමෙන්ම පැවැති ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පැවසීය.

මේ අතර ඉකුත් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.

ලෝක කුසලාන තරග මග දමා හදිසියේම සානා යළි මව් රටට

ලෝක කුසලාන තරග මග දමා හදිසියේම සානා යළි මව් රටට

එමෙන්ම පැවැති ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශෙහාන් සේමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තමන් එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවය.

මේ අතර සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබේ.

ඉකුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ. කෙසේ වෙතත් ඔහුගේ දියණිය වන චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල මෙවර මහ මැතිවරණයට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.

පොලිස් ජෝඩුවක් එකතු වෙලා කතකට කර ඇති නොමනා වැඩේ..

පොලිස් ජෝඩුවක් එකතු වෙලා කතකට කර ඇති නොමනා වැඩේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකර, ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් තරග නොකරන බව සඳහන් කර ඇති අතර එසේවුවහොත් ඔහු 1977න් පසුව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පළමු අවස්ථාව මෙය වනවා.

ජනපතිගෙන් ගොවීන්ට අපුරු තෑග්ගක්..

ජනපතිගෙන් ගොවීන්ට අපුරු තෑග්ගක්..

එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන අතර මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන පොදු පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම මෙරට දේශපාලනයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වනු ඇති.

මීට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩීබී හේරත්, හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ අකිල විරාජ් කාර්යවසම් යන අයද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

මෙවන් පසුබිමක සමගි ජන සන්ධානයෙන් ඉවත්වීමටත්, මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද තීරණය කර තිබේ.

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

එමෙන්ම මෙවර මැතිවරණය සදහා මේ වනවිට දිස්ත්‍රික්ක තුළ ඇප මුදල් තැම්පත් කිරීම හා නම යෝජනා බරදීම් මෙසේය.

Gallery