මෙවර නව ආණ්ඩුවේ නිදහස් දින සැමරුමේ දැනෙන වෙනසක්..
"ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවය.
නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.
"ජාතික පුනරුදයට පෙළගැසෙමු"යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදත් නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු පැවැත්වුණි ජාතික නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් පෙබරවාරි 02 වැනිදා දක්වා පෙරවරු 6 ත් - දහවල් 12 ත් අතර කාලය තුළ කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නැංවේ.
ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දී තිබේ.
මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්
A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.
B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.
C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.
D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.
E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.
F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.
G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.
H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම)
I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.
ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුල් විය හැකිය.
01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.
02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.
03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.
රථ ගාල් පිහිටි ස්ථාන,
➔ රූපවාහිනී සංස්ථාව අසල රථගාල (සැහැල්ලු වාහන 250)
➔ BMICH අංක 02 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 350) › CR & FC රථගාල (සැහැල්ලු වාහන 250)
➔ BMICH අංක 04 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 550) ➔ BMICH අංක 03 දොරටුව ඇතුලත රථ ගාල (සැහැල්ලු වාහන 150)
➔ නිදහස් මාවත ආකේඩ් රථ ගාල (සැහැල්ලු වාහන 30)
➔ ප්‍රේමකීර්ති ද අල්විස් මාවත රථගාල (සැහැල්ලු වාහන 30)
➔ ITI රථගාල (සැහැල්ලු වාහන 75)
➔ නෙළුම් පොකුණ රඟහල රථගාල (බස් රථ 75)
➔ සරණ පාර BMICH භූමිය අවට මාර්ගය (සැහැල්ලු වාහන 230 / බස් රථ 75) ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන් වලදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකිය.
පෙරහුරු රාජකාරි හා නිදහස් දින උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ග විවෘත කිරීමේ කටයුතු කෙරෙනු ඇත.
මෙම රථවාහන දළ සැලැස්ම පහතින්,
You may like this video