තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන ජීවිතයට බලපෑම් කරන අග්බෝ ඇතා(PHOTOS)

By Aruna Dec 11, 2024 05:41 AM GMT
Report

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතුන්ගම, කරඹේගම, දිවුල්වැව, උලගල්ල, වන්නම්මඩුව, ඒරුවැව ගම්මාන සහ ඊට ආසන්න ගම්මාන සඳහාද දැඩි තර්ජනයක් කරමින් අග්බෝ නමින් හඳුන්වන මෙම හස්තියා ගොවි ජනතාව විසින් වගා කරනු ලබන කාලීන හා කෙටි කාලීන බෝග විනාශ කරමින් සැරි සරන බව ප්‍රදේශවාසීහූ පවසනවා.

පසුගිය දා පැවති තිරප්පනේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ද මෙම ගැටළුව සම්බන්ධයෙන් ගොවීන් සහ නිලධාරීන් දීර්ඝව කරුණු දක්වන ලදී.

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)


එහිදී වගාවට වන හානිය මෙන්ම හස්තියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෑතක දී දීඝජන්තු හස්තියාට වූ ඉරණම මෙම හස්තියාට ද අත් වීමේ වැඩි ඉඩකඩක් ඇති හෙයින් මෙම ඇතු සංරක්ෂිත කලාපයක් වෙත ගෙනයාම සුදුසු බවයි බහුතර මතය වී ඇත්තේ.

මෙම ඇතු ගේ බලපෑම මත මෙම මාස් කන්නයේ දී ඇතැම් ගොවීන් ගොවිතැනින් ඉවත් වී සිටින බවක් ද වාර්තා වනවා.

මෙහිදී ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ දී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ, මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් අවධානය යොමුකර හස්තියාගේ ආරක්ෂාවත් ගොවි ජනතාවගේ ආරක්ෂාවත් මෙන්ම ජන ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීමට හැකි සුදුසු වැඩපිළිවෙලක් යොදා ගැනීම අවශ්‍ය බවයි.

You May Like This Video


GalleryGalleryGalleryGallery