“ජානකී ඔය කපටිකම් හදාගන්න” – ජානකි සහ ප්‍රියමාලි ඇනකොටාගන්න පටන් ගනියි.. බන්දනාගාරෙ සිදුවෙන්න යන දේ.. හඩපටයකුත් එළියට.” (VIDEO)
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
තිළිණි ප්‍රියමාලි වැලිකඩ කාන්තා අංශයේ රඳවා සිටින අතර දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගොස් තිබේ.
එමෙන්ම බන්ධනාගාරයේ උසස් නිලධාරින් පවසන්නේ තිළිණිත් ජානකීත් එකම බන්ධනාගරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට දෙදෙනා එක්ව සැලසුම් කරනු ඇති බවට සැකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මොවුන් නිසා අගතියට පත් වූ පාර්ශ්වයේ නීතිඥවරුන්ටත් මතු වී තිබුණු බවයි. එම නිසා ඔවුන් දෙදෙනා එකම බන්ධනාගාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලීමක්ද එම පාර්ශ්වවලින් කෙරෙහි තිබුණා.
තිළිණිගේ සහ ජානකී ඉතා කිට්ටු මිතුරන් ලෙස කටයුතු කළත් මෑතකදී දෙදෙනා අතර මුදල් ආරවුලක් මත විරසකභාවයක් ඇති වී තිබෙන බව සඳහන්. එහිදී දෙදෙනා එකිනෙකාට දොස්නඟා ගන්නා හඬපට කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.
එම හඬපටවලට අනුව මේ දෙදෙනා එකට දැමීමෙන් සිදු විය හැක්කේ සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කරනවා කෙසේ වෙතත් දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ගැටුම් ඇති කර ගැනීමක් පමණක් බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියා. මේ අතර, තිළිණි ප්‍රියමාලි විසින් ජානකි සිරිවර්ධන වෙත යැවූ තවත් හඬපටයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.