අලුත උපන් බිළිදා ගුවන් යානා වැසිකිළියක දමා ගිය පාපතර මව..

court wariyapola Wasantha Karannagoda D.M.Thilakarathna
By Sewvandhi Jan 04, 2022 07:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් ගුවන් යානයක වැසිකිළියක කුණු බක්කියේ දමා ගොස් තිබිය දී අලුත උපන් බිළිඳකු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

ගුවන් යානයේ දී දරු ප්‍රසූතියක් සිදු වූ බවට සැක කෙරෙන අතර මැඩගස්කරයේ 20 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මැඩගස්කරයේ සිට පැමිණි එයාර් මොරිෂස් ගුවන් යානය ජනවාරි පළවෙනිදා ශ්‍රීමත් සීවුසගුර් රාම්ගූලම් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙන අතර ගුවන් තොටුපළ නිලධාරීන් යානය පරීක්‍ෂා කළ අවස්‌ථාවේ දී මෙම අනාවරණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ..

පසුව ඔවුන් විසින් දරුවා ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.. ළමයා තමාගේ බව මුලින් ප්‍රතික්ෂේප කළ දරුවාගේ මව යැයි සැක කළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එමගින් ඇය විසින් දරුවා ප්‍රසූත කර ඇති බව තහවුරු වී ඇති බව සඳහන්..

රෝහලේ දී ඇයව පොලීසිය භාරයේ තබා ඇති අතර ඇය සහ දරුවා දෙදෙනාම හොඳින් සිටින බවයි පැවසෙන්නේ.. වසර දෙකක සේවා බලපත්‍රයක් මත මොරිෂස් වෙත පැමිණි මෙම කාන්තාව රෝහලෙන් නිදහස් වූ පසු ප්‍රශ්න කරනු ලබන බවත් අලුත උපන් බිළිඳෙකු අතහැර යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now