මිලෙන් අධික අම්බර් තොගයක් රැගෙන ගිය හොරා මාට්ටූ

Sri Lanka Police Law and Order Sinhala news gagana news
By Mithu Aug 11, 2025 05:58 AM GMT
Mithu

Mithu

Report

අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය - මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ (10) උදෑසන සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අවුරුදු 44ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අම්බර යනු මිලෙන් අධික ද්‍රව්‍යයක් වන අතර එය මෙලෙස ළඟ තබා ගැනීම තහනම් වේ.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න