විදෙස් කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට
By Ashfa
අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇත.
අද (11) සිදුවූ මෙම අනතුර සිදු වූයේ මියගිය කාන්තාව තවත් පිරිසක් සමග මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී බව වාර්තා විය.
පසුව ඇයගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලිසිය පවසයි.