ජනපතිට ජෝක් කරන FB,Youtube අල්ලන CID මෙහෙයුමක්

Anura Kumara Dissanayaka Sri Lanka Politician Crime Branch Criminal Investigation Department Sinhala news gagana news
By Mithu Aug 11, 2025 04:24 AM GMT
Mithu

Mithu

Report

ජනපති අනුර කුමාර දිසානායක මහතා මහතාගේ චරිතයට අපහස වනන ආකාරයේ නොයෙකුත් මඩ ප්‍රචාර සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම ප්‍රචාරයන්ට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා පිළිබඳව විමර්ශන සිදු කරයි.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

මෙම මඩ ප්‍රචාරයන් නිර්මාණය කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන් සහ රජයට සහාය දක්වන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් භාවිත කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.එම නිසා එය සියලුම දෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව සදහන්.

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනාධිපතිවරයාගේ, රජයේ සහ අමාත්‍යවරුන්ගේ කීර්තිනාමයට හානි සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා එවැනි ක්‍රියාවන්වල නිරත පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සූදානම්.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි